Thursday, November 29, 2018


කාලෙකට කලින් අහම්බෙන් වගේ ලස්සන දෙමළ සින්දුවක් ඇහුනා.සින්දුවට ආස හිතුනු නිසාම සින්දුව ගැන විස්තර හොයාගෙන යද්දී තමා ඒ සින්දුව තරම්ම ලස්සන චිත්‍රපටියකුත් තියෙනවා කියලා දැනගත්තේ.

සින්දුව Vaseegara කියන්නේ Bombay Jayashree.....
එතකොට ෆිල්ම් එක
ෆිල්ම් එක Minnale,

අදටත් මගේ කැමතිම ෆිල්ම් ලිස්ට් එකේ උඩින්ම තියෙන ෆිල්ම් එකක්.romance,comedy,music තුනම එකම තැනකට එකතු උනාම දැනෙන රහ,උපරිමයෙන්ම විදින්න පුළුවන් විදිහේ එකක්.

මට අනූව ගවුතම් මෙනන් කියන්නේ මැජික් ශිල්පියෙක්,මේ ඒ මැජික් ශිල්පියාගේ පලවෙනි මැජික් එක.මහා ලොකු කතාවක් නෑ.දැක්ක ගමන් ඇති වුනු ආදරයක්,ඒ ආදරේ තමන්ගේ කරගන්න ගේමක් ගහන කොල්ලෙක්,ඒ කොල්ලට තරගයක් වෙන්න තව කොල්ලෙක්.

ෆිල්ම් එක පටන් ගන්න කොට ෆිල්ම් එක මොන තරම් දැනෙනවද,ඒ හැගීම අවසානය වෙනකම්ම රඳව ගන්නවා. Harris Jayaraj ගේ මියුසික් උපරිමයි.Madhavan, Reemma Sen ගේ රඟපෑම උපරිමයි.

එත් විශේෂම දේ මෙනන් ගේ වගේම.harris මුල්ම නිර්මාණ දායකත්වයත් මේ ෆිල්ම් එක.(මුල්ම නිර්මාණ අතරෙන් එකක් වගේම,තමන්ගේ මුල්ම Filmfare සමමානයත් මේ ෆිල්ම් එකේ සංගීත දායකත්වය වෙනුවෙන් ලබා ගන්නවා.)

Maadhavan,Reemma දෙන්නගෙම දෙවෙනි හෝ තෙවැනි නිර්මාණය වෙන්නෙත් මේ ෆිල්ම් එක.මාදවන් නම් මේකට කලින් තව super hit එකක් වුනු Alaipayuthey ෆිල්ම් එකෙත් දැනෙන චරිතයක් කරලා තිබුනේ.මොනා උනත් මාදවන් ගේ සෙල්ලක්කාර රඟ පෑම පට්ට විදිහට දැනෙනවා තරුණ හිත් වලට..

මේ ෆිල්ම් එක ආශ්‍රයෙන්ම Rehnaa Hai Tere Dil Mein නමින්,මෙනන් ගේ අධ්‍යක්ෂනයෙන්මය හින්දි ෆිල්ම් එකකුත් නිර්මාණය වෙනවා,උනත් ඒක බලාපොරොත්තු වුනු තරම් සාර්ථකත්වයක් ලඟා කර ගන්නේ නෑ.

හොයාගෙන බලන්න වටින ෆිල්ම්ස් තියෙනවා ඕනේ තරම්.මේකත් ඒ වගේ ෆිල්ම් එකක්.සිංහල සබ් එකක් නම් හොයාගන්න නැති වෙයි.එත් තරුණ හිත් වලට දැනෙන ලස්සන ආදර කතාවකට සබ් මොකටද???

https://www.youtube.com/watch?v=8Ee28IWRJSQ මේ මන් අර කිවුව සින්දුව.


Wednesday, November 28, 2018


Gautham Vasudev Menon


ෆිල්ම්ස් බලලා එතනින් එහාට ආයෙත් තව ෆිල්ම් බලන අය අතරේ,බලපු ෆිල්ම් එක ගැන නළුවෝ,නිලියෝ ගැන හොයන අය අතරේ,එතනිනුත් එහාට ගිහින් අධ්‍යක්ෂක,මියුසික් කරේ කවුද,අරවා මේවා හැමදේම හොයන  පුරුද්දක් තියෙන්නේ මට.ඒ නිසාම ෆිල්ම්ස් හොය හොයා බලපු director කෙනෙක් තමා ගවුතම් මෙනන් කියන්නේ.ගායකයෙක්,තිර පිටපත් රචකයෙක්,නළුවෙක්,නිෂ්පාදකයෙක් ඔය හැම පැත්තටම අයිති කෙනෙක් උනත් මට මෙනන්ව වැඩියෙන්ම දැනුනේ අධ්‍යක්ෂක කියන තැනින්.එක නිසා ලියන්න ඕන කියලා හිතුනේ...
             අධ්‍යක්ෂක වරුන්ටම ආවේනික උනු දේවල් තියෙනවා.ෆිල්ම් එකක් බලන් යද්දී සමහර වෙලාවට දැනෙනවා මේක නම් මෙයාගෙම වැඩක්.හරියට සින්දු අහද්දී මේක කේමදාසගේ,මේක කසුන් කල්හාරගේ,මේක එච්.එම් ගේ කියලා මියුසික් වලින් දැනෙනවා වගේ.නැත්නම් ගංගානාත් දිසානායකගේ පැණි වළලු කියවද්දී දැනෙන හැගීම වගේ...ඒ ඒ අයට ආවේනික උනු විශේෂ දේවල් තිබුනා.රුක්මල් නිරෝෂ් ගේ සුළඟ මත මොහොතක් tele drama එකේ කතා ෙෙශලිය වගේ.අන්න ඒ වගේ එකක් මෙනන් ලග තියෙනවා.මට පෞද්ගලිකව එක පුදුම විදිහට දැනිලා තියෙනවා.එකම තමා මෙනන් ට පට්ට විදිහට කැමති වෙන්න ප්‍රධානම හේතුව.ඒ වගේම ඒ ෆිල්ම්ස් වල කතා.මන් බලපු ඔක්කොම වගේ පට්ට ආදරණීයයි.romance කියන එක උපරිමෙන්ම දනවන කෙනෙක්.
මෙනන් පටන් ගන්නේ minnale ටැමිල් ෆිල්ම් එකෙන්.එක ගැන විශේෂයෙන්ම ලියන්න ඕනේ,වෙනමම.minnale වලින් පටන් ගත්තු ගමන හෙමින් සැරේ මෙනන් ඉස්සරහට එනවා.ඒ අතරේ තමන්ගේ මුල් දමිළ නිර්මාණ හින්දි,තෙලිඟු බාෂා වලින් නැවත රූප ගත කරනවා.minnale ෆිල්ම් එක Rehnaa Hai Tere Dil Mein නමින් ප්‍රති නිර්මාණය කරලා පටන් ගන්න ඒ වැඩේ මෙනන් ගේ සාර්ථක වුනු ගොඩක් නිර්මාණ වලදී දකින්න ලැබුනා.

මෙනන් මේ වෙනකොටත් 2001 ඉදන්ම ෆිල්ම්ස් 20කට අඩුවෙන් කරලා තියෙන්නේ,එත් ඒ හැම ෆිල්ම් එකක් වගේම සාර්ථක වෙලා තියෙනවා.එකක් දෙකක් තමා අසාර්ථක ගොන්නට වැටෙන්නේ.ඒ අතරින් දමිළ සිනමාවේ සුපිරි නළුවන් වන සූර්යා,අජිත්,කමල හසන්,සිම්බු,මාදවන්,ජීවා වගේ අය මෙනන් ගේ ෆිල්ම්ස් වලට දායක වෙලා තියෙනවා.ඒ අතරින් සිම්බු,සූර්යා දෙන්නට හොඳ වාසනාවක් තිබිලා තියෙනවා තමන්ගේ හොදම නිර්මාණ වලට මෙනන් එක්ක එකතු වෙන්න,ඒ වගේම වික්‍රම්,දනුෂ් දෙන්නත්ඉස්සරහට එන්න තියෙන මෙනන් ගේ ෆිල්ම්ස් 2කේ ඉන්නවා කියලා තමා වාර්තා වෙන්නේ.මෙනන්ගේ ෆිල්ම්ස් වලින් නළුවන් ට ඒ වගේ place එකක් ලැබෙද්දී ජෝතිකා,ට්‍රිෂා 2න්නා නිළියන්ගේ පැත්තෙන් මෙනන්ගේ ෆිල්ම් වලට ලොකු දායකත්වයක් දීලා තියෙන්නේ.

මෙනන්ගේ ෆිල්ම්ස් වල මියුසික් ගැනත් කතා නොකරම බෑ..,කන පිස්සු වට්ටන තරම් ලස්සන සංගීත නාද,ගීත මෙනන් ගේ හැම නිර්මානයක වගේම තියෙනවා.විශේෂම දේ වෙන්නේ ෆිල්ම්ස් 4ක්,5ක්,ඇරුනම ඉතුරු ෆිල්ම්ස් හැම එකකම සංගීත අද්‍යක්ෂනය කරන්නේ මගේ ප්‍රියතම harris jayaraj වීමයි.ඊට අමතරව a.r.රහමන්,ඉලයරාජා විතරයි මෙනන්ගේ ෆිල්ම් වල මියුසික් කරලා තියෙන්නේ.ඉතින් හිතාගන්න පුළුවන් නේ මෙනන් තමන්ගේ ෆිල්ම් වල මියුසික් වලට දෙන තැන වගේම ඒ මියුසික් මොන තරම් ලස්සන ඇත්ද කියලා.ඉස්සරහට එන්න තියෙන ෆිල්ම් එකකදී ඔය පාර පොඩ්ඩක් විතර වෙනස් වෙනවා කියලත් ආරංචියී.

මේ අතරේම මෙනන් තමන්ගේ ෆිල්ම්ස් වල වගේම තව ෆිල්ම්ස් වල පොඩි පොඩි චරිත එහෙමත් රඟ පාලා තියෙනවා.මටත් මේ ලදී තමා click උනේ,goli soda 2 ෆිල්ම් එකේ රඟපානවා දැකලා.එකෙත් ලොකු අවුලක් නෑ..

මෙනන් ගේ බහුතරයක් නිර්මාණ romance,triller පැත්තට බර කරලා තමා හැදිලා තියෙන්නේ.මම පෞද්ගලිකව කැමතිම අධ්‍යක්ෂක වරයා නිසා තමයි මෙනන් ගැන මුලින්ම ලියන්න හිතුනේ.ඒ පෞද්ගලික කැමැත්තට මුල් වුනු නිර්මාණ කිහිපයකුත් බලන්න කියලා යෝජනා කරගෙනම පහලින් දාගෙන යන්නම්.

Minnale(2001)
Kaakha Kaakha(2003)
Vettaiyaadu vilaiyaadu(2006)
Pachchaikili uthucharam(2007)
Vaaranam Aairam(2008)
Vinnaithandi Varuvaayaa(2010)
Neethaane En Ponvasantham(2012)
Yennayi Arindhal(2015)
Achcham Yenbadhu Madamaiyada (2016)

කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉන්න Dhruva Natchathiram වගේම Enai Noki Paayum Thota ෆිල්ම් දෙකත් මේ අවුරුද්දේ අග නැත්නම් ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ වගේ එලියට ඒවි කියලා තමා බලන් ඉන්නේ.

Sunday, November 25, 2018

ලියහන් කියලත් කිව්වා.ලියන්න ඕනේ වෙලත් තිබුනා ඉතින් ලියන්න කියලා පටන් ගත්තා.දන්නේ නෑ මොන තරම් හොදද..නරකද,කියවන්න හිතෙනවද..ඒවා කියවන අය අතේ.